රටේ නායකත්වයට ධනවත් අයෙක් පැමිණිය යුතුයි

0
15


රටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම පරම්පරාවක් සිටීමත්, ධනවත් විය යුතු බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනායක හිමියෝ ප්‍රකාශ කරති.

ඒ ඊයේ (17) මාතලේ විහාර පාර ශ්‍රි විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරාධිපති, රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමිපාණන් වහනසේ වෙත ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ  ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමිමේ උත්සව සභාවේ අනුශාසනාවක් සිදු කරමිනි.

“ගිහි පැවදි අපි හැමෝටම අනාගතයේදි නායකයින් තෝරා ගැනිමේ අවස්ථාවක් එනවා. අපිට තිබෙන්නේ ඒ සඳහා අනුශාසනා කිරිමයි. පුද්ගල නායකත්වයක් නොවෙයි බුදුන් වහන්සේ අපේක්ෂා කළේ. ප්‍රතිපත්ති නායකත්වයක්.

ඒ නිසා ඔබ සියලු දෙනාම බුද්ධිමත්ව ප්‍රවේශම්ව කල්පනා කරන්න. පුද්ගල නායකයෝ පසුපස හඹා යැමේදි ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අයගේ ප්‍රතිපත්තිය පිළිබඳව නායක්තවය තබාගෙන කටයුතු  කිරිම ඒ සඳහා වැදගත්. අපට භික්ෂූන් වහන්සේලා ලෙස පුද්ගලයින් නම් කරන්න බැහැ. නමුත් මග පෑදිමට පුළුවන්.

රටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම අනෙකුත් දේවල් තිබිය යුතුයි. පරම්පරාව, ධනවත් විය යුතුයි. ධනවත් නොවන අය පාලනයට ආවම වෙන වෙන ගැටලු ඇති වෙනවා. ඒ වගේම පෙනුමක් තියෙන්න ඕන.”

වේඩරුවේ උපාලි අනුනායක හිමියේ මෙලෙස ප්‍රකාශ කළද අද වනවිට රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ධනවත් හෝ පරම්පාරවක් සහිත පුද්ගලයෙකු නොව ජාතික ප්‍රතිපත්තියකින් රට ගොඩනැගියහැකි දැක්මත් ඇති නායෙකු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඊයේ (18) ගාලුමුවදොර පිටියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවති අති දැවැන්ත රැලියෙන්ද පෙන්නුම් කළේ මෙරට ජනතාව ඉල්ලා සිටින්නේ ධනවත් පුද්ගලයන්ට වඩා රට ගොඩනැගිය හැකි ජාතික වැඩපිළිවෙලක් සඳහා ජනතාවගේ ප්‍රතිචාරය බවයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here