පිළියන්දළ ක්‍රිකට් පුහුණු කණ්ඩායම ඉන්දියානු සංචාරයක

0
41


ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ, බැංගලෝරයේ, ගුරුකුල් අන්තර් ජාතික පාසලේ ආරාධනයකින් පිළියන්දල නගර සභා ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් පුහුණු පාසලේ අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් පසුගියදා තරග සංචාරයක් සඳහා ඉන්දියා බලා පිටත්විය.

එහිදී ඔවුන් බැංගලෝර්, හයිද්‍රාබාද්, ජේඩ්චෙලා සහ තෙලඟනා ප්‍රාන්තයේ සිඩ්ඩිපිට්ටි හිදී සුහද ක්‍රිකට් තරගමාලාවකට එක්වීමට නියමිතය.

පසලොස් දෙනකුගෙන් සමන්විත මේ කණ්ඩායමේ නායකත්වය නිපුන් නුවන් දරණ අතර ඔහුගේ උප නායකයා ලෙස ඉමේශ් උදයංග කටයුතු කරයි. පිළියන්දල මධ්‍ය මහා විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශ්‍රියාන් චමින්ද පුහුණුකරු ලෙස ද ඩිල්වින් මෙන්ඩිස් මහතා කළමණාකරු ලෙස ද මේ සංචාරයට එක්වෙති.

මොරටුව ක්‍රීඩා
ඡායාරූපය – මොරටුව ක්‍රීඩා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here